CEYPETCO

GET SUPPORT

+94 11 5455455

Mobile Menu

ජෛව පලිබෝධනාශක සහ කාබනික පොහොර සැපයීම සඳහා සැපයුම්කරුවන් ලියා පදිංචි කිරීම

1961 අංක 28 දරණ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත මඟින්  සංස්ථාපනය කරන ලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙහි කෘෂිරසායන අංශය මඟින් රජයේ ප්‍රතිපත්තීන්ට අනුගත වෙමින් වස විසෙන් තොර ජෛව පලිබෝධනාශක සහ කාබනික පොහොර නිෂ්පාදන ගොවි ජනතාව වෙත සැපයීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව, උසස් ප්‍රමිතියෙන් සහ තරඟකාරී මිල ගණන් යටතේ ජෛව පලිබෝධනාශක සහ කාබනික පොහොර ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත සැපයිය හැකි සැපයුම්කරුවන්  ලියාපදංචියට තීරණය කර ඇත.

පහත අවශ්‍යතා සපුරාලීය හැකි ආයතනයන්ගෙන් හා පුද්ගලයන්ගෙන් සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචි කර ගැනීමට අයදුම්පත් කැදවනු ලැබේ.

  1. ජෛව පලිබෝධනාශක සැපයීම සඳහා බලාපොරොත්තු වන අයඳුම්කරුවන් අදාල නිෂ්පාදන සඳහා පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්කා ර්යාලයේ  ලියාපදංචිය ලබා තිබිය යුතුය. 
  2. කාබනික පොහොර සැපයීම සඳහා බලාපොරොත්තු වන අයඳුම්කරුවන් අදාල නිෂ්පාදන සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාංශයේ ලියාපදංචිය හා අදාල නිර්දේශ ලබා තිබිය යුතුය. 
  3. අදාල නිෂ්පාදන පිරිවිතරයන්ට අනුකූලව ජෛව පලිබෝධනාශක හා කාබනික  පොහොර සැපයීම සිදු කල යුතුවේ.

අපේක්‍ෂිත ජෛව පලිබෝධනාශක / කාබනික පොහොර වර්ග

  • කෘමි උවදුරු  සහ වල් මර්දනය සඳහා අවශ්‍ය කරන ජෛව කෘමිනාශක සහ වල් නාශක  
  • ශාඛ රෝග සඳහා  අවශ්‍ය කරන ජෛව දිලීර නාශක
  • වී, එළවළු, පලතුරු, ධාන්‍ය සහ රනිල බෝග සහ ප්‍රධාන ආර්ථික බෝග වන තේ, රබර්, පොල් යන අපනයන බෝග සඳහා වන කෘමි හා දිලීර හානීන් වලක්වා  ගැනීමට අවශ්‍ය කරන ජෛව කෘමි හා  දිලීර නාශක.
  • ක්‍ෂේත්‍රය තුල වල් මර්දනය සඳහා අවශ්‍ය කරන ජෛව වල්නාශක.

එසේම කාබනික පොහොර වශයෙන්

  •  කාබනික කැට පෙහොර
  •  කාබනික දියර පොහොර
  • ජෛව පෙහොර සහ විශේෂිත ශාක වර්ධක උත්ප්‍රේරක 

ඉහත අවශ්‍යතා සපුරාලිය හැකි නිෂ්පාදකයන්‍ සහ සැපයුම්කරුවන් විසින් පහත තොරතුරු අන්තර්ගත අයදුම්පතක් අප වෙත අගෝස්තු මස 13 වෙනි සිකුරාදා දිනට හෝ ඊට පෙර  පහත ලිපිනයට හෝ විද්‍යුත් තැපෑල වෙත යොමු කිරිමට කටයුතු කරන්න.

  • ආයතනයේ නම සහ ලිපිනය.
  • ව්‍යාපාරය ලියාපදිංචි අංකය සහ වසර (සමාගමක් ලෙස ලංකාව තුල ලියාපදිංචි වී ඇත්නම්) ව්‍යාපාරයේ ස්වභාවය
  • සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක, ෆැක්ස් සහ විද්‍යුත් තැපැල් ලිපිනයන්.
  • ආයතනයේ ස්ථිර සේවක සංඛ්‍යාව.
  • අදාල වෙනත් තොරතුරු.

කළමනාකාර කෘෂි රසායන,

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, කෘෂි රසායන අංශය, කොලොන්නාව, වැල්ලම්පිටිය,

දුරකථන අංකය : 0115666815 ජංගම දුරකථන අංකය : 0766950286  ෆැක්ස් අංකය : 0112572316  

විද්‍යුත් තැපැල් : agro.manager@ceypetco.gov.lk