නව සභාපතිතුමා සහ කළමනාකාර අධ්‍යක්‍ෂතුමා වැඩ භාරගැනීම

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නව සභාපති ලෙස මහාචාර්ය මෝනිස් ගුණවර්ධන මහතා සහ කළමණාකාර අධ්‍යක්‍ෂ ලෙස නීතිඥ නදුන් ප්‍රනාන්දු මහතා වැඩ භාරගැනීම, ගරු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය, අධිනිතීඥ චන්දිම වීරක්කොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යාංශ ලේකම්, සුධර්මා කරුණාරත්න මහත්මියගේ සහභාගිත්වයෙන් 2017 මාර්තු මස 02 දින පෙ.ව. 10.55 ට යෙදුනු සුභ මොහොතින් සංස්ථා ප්‍රධාන කාර්යාලයේ දි සිදුවිය.

දෙමටගොඩ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති, ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලී නායක ස්වාමීන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනය කර, ධර්මානුශාසනාවක් පවත්වා නව සභාපතිතුමාට හා කළමනාකාර අධ්‍යක්‍ෂතුමාට සෙත් පැතූහ.

සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් වන ප්‍රසාද් ගල්හේන, රසාංග හරිස්චන්ද්‍ර, එම්.ඩි. ජයසේන යන මහතුන් හා අමාත්‍යාංශ අතිරේක ලේකම්, සමන් ප්‍රනාන්දු මහතා මෙන්ම CPSTL ආයතනයේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්‍ෂ ශෙහාන් සෙනෙවිරත්න මහතා ද, ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ තිලක් කාරියවසම් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ද, සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මහතුන් ඇතුළු ඉහළ කළමනාකාරිත්වය ද, වෘත්තීය සමිති නියෝජිතයන් ද මෙම අවස්ථාවට සහභාගි විය.

තවද, ගරු සභාපතිතුමන්ගේ සහ කළමනාකාර අධ්‍යක්‍ෂතුමන්ගේ පවුලේ සාමාජිකයන් ද මෙම උත්සව අවස්ථාවට සහභාගි විය.

එම උත්සවයේ විවිධ අවස්ථාවන්,>>