CEYPETCO

GET SUPPORT

+94 11 5455455

Mobile Menu

ගරු බලශක්ති අමාත්‍යතුමා විසින් සපුගස්කන්ද මහා පහදු නැවතුම - 2021 හි කටයුතු නිරීක්‍ෂණය

වසර 03කට වරක් සිදුකරන මහා පහදු නැවතුම මේ දිනවල සපුගස්කන්ද පිරිපහදු පරිශ්‍රය තුල සිදුකරමින් පවතී. පසුගිය නැවතුමේ සිට පුරා වසර 03ක් අඛණ්ඩව බොරතෙල් පිරිපහදුකරණයෙහි යෙදුණු අපගේ පිරිපහදුව සම්පූර්ණයෙන් පිරිපහදු කටයුතු නවතා ඉදිරි වසර 03ක කාලයක් ක්‍රමවත්ව පිරිපහදුකරණයෙහි යෙදීම සදහා අවශ්‍ය සියළුම අළුත්වැඩියා කටයුතු මේ දිනවල ලහි ලහියේ සංස්ථා ‍ සේවක ‍පිරිසේ ශ්‍රමදායකත්වය යටතේ සිදුකරමින් පවතී. ගරු බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මැතිතුමා එම පිරිපහදු නැවතුමේ කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා 2021.03.10 වන දින සපුගස්කන්ද පිරිපහදුව වෙත පැමිණිම සිදුවිය. මෙම අවස්ථාව සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ගරු සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මැතිතුමා, ගරු කළමණාකාර අධ්‍යක්‍ෂ බුද්ධික මඩිහහේවා මැතිතුමා සහ පිරිපහදු කළමණාකාරතුමා , නියෝජ්‍ය පිරිපහදු කළමණාකාවරු, වානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ නිලධාරීන් ඇතුළු තවත් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

Latest News