CEYPETCO

GET SUPPORT

+94 11 5455455

Mobile Menu

|ENERGIZING THE FUTURE|

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව

Vote for our Website

Express your support and vote for our website by clicking here.

zz-trans.png
Play Video

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව





CEYPETCO

ENERGIZING THE FUTURE

1961 අංක 28 දරන පාර්ලිමේන්තු පනත සහ එකී පනත සඳහා පසුව සිදුකරන ලද සංශෝධන ප්‍රකාර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස පිහිටුවන ලදී. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන අරමුණු පහත සඳහන් පරිදි වේ.

“ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, අපනයනය, අලෙවි කිරීම, සැපයීම සහ බෙදාහැරීම සිදුකරන ව්‍යාපාරය මෙහෙයවනු ලබයි. ඛනිජ තෙල් කැනීම්, නිෂ්පාදනය කිරීම සහ පිරිපහදු කිරීම සඳහා ගවේෂණය කිරීමේ ව්‍යාපාරය සිදු කිරීම සහ එම අරමුණු ඉටුකර ගැනීම සඳහා අනියම් ආකාරයෙන් හේතුවන හෝ උපකාරී වන එවැනි ව්‍යාපාර සිදුකිරීම.” 

Play Video

ඛනිජ තෙල් නිෂ්පාදන අඛණ්ඩව සැපයීම මගින් සංස්ථාව ජාතික ආර්ථිකය තුළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. රටේ සමස්ත සංවර්ධන න්‍යාය පත්‍රය සඳහා ඛනිජ තෙල් නිෂ්පාදන ලබා ගැනීමේ සහ මිලෙහි අතිශය වැදගත්කම සහ සංවේදීතාව සැලකිල්ලට ගනිමින්, අපි සෑම විටම බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීමට කැපවී සිටිමු.

දේශයේ ආර්ථික වර්ධන ඉලක්ක වෙත ළඟාවීම සඳහා අඛණ්ඩ ඉන්ධන සැපයීම සහතික කිරීමට අපි දැඩි ලෙස කැපවී සිටින අතර අප සපයන සෑම ඉන්ධන බින්දුවක්ම රටේ තිරසාර සංවර්ධනයට දායක වේ.

අපගේ දැක්ම

පාරිභෝගිකයාට මුල් තැන ලැබෙන්නා වූ ද පරිසර හිතකාමී වූ ද කලාපයේ ඛනිජ තෙල් හා ආශ්‍රිත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යාපාරය බවට පත්වීම හා ඒ අතරම අපගේ ජාතියේ සෞභාග්‍ය උදෙසා දායකත්වය සැපයීම.

අපගේ මෙහෙවර ​

ඛනිජ තෙල් පිරිපහදු කිරීම හා උසස්ම තත්වයේ නිෂ්පාදන අලෙවි කිරීම පිළිබඳ විශිෂ්ඨත්වය කරා ලඟාවීමේ අභිලාෂය මුදුන්පත් කර ගැනීම සඳහා කැපවුන එම ක්‍ෂේත්‍රයේ නිපුණතා ඇති වෘත්තිකයන් කණ්ඩායමක් හා පක්ෂපාතී, කාර්යක්‍ෂම බෙදාහරින්නන් ජාලයක මාර්ගයෙන් පාරිභෝගික අවශ්‍යතාවයන් ඉහලින්ම ඉටුකෙරෙන පූර්ණ විසඳුම් හා සේවාවන් සැලසීම සම්බන්ධයෙන් විශිෂ්ඨත්වය සාක්ෂාත් කර ගැනීම මෙන්ම සේවක සහභාගීත්වය හා උසස් තාක්ෂණය උපයෝගී කර ගනිමින් ව්‍යාපාරයේ සංවර්ධනය උදෙසා උසස්ම ආචාරධර්ම වලට අනුකූලව සෞඛ්‍ය, ප්‍රවේසම් හා පාරිසරික යන අංශ කෙරෙහි ඉහලින්ම සැලකිලිමත් වෙමින් ව්‍යාපාරික හවුල්කරුවන්ගේ අභිමතාර්ථයන් මුදුන්පත් කිරීම.

අපගේ බෙදාහැරීම් ජාලය

Sri Lanka
Sri Lanka

අපගේ බෙදාහැරීම් ජාලය

Auto Fuel Distribution Channel - Sri Lanka Map

ජාතික ඉන්ධන අවසර පත්‍රය

අපගේ විශේෂාංග

පිරිපහදුව

1961 අංක 28 දරණ පනත මඟින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්ථාපනය කරන ලද අතර ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම….

අලෙවිකරණය සහ විකුණුම්

1961 පාර්ලිමේන්තු පනතින් CPC සංස්ථාගත කිරීමත් සමඟ අලෙවිකරණ මෙහෙයුම් 1962 අප්‍රේල් 28 වන දින ආරම්භ කරන ලදී. ……

කෘෂි රසායන

සිපෙට්කෝ කෘෂි රසායන අංශය ආරම්භකරන ලද්දේ 1969 වසරේදීය. අලෙවි අංශයේ උපායශීලී ව්‍යාපාර ඒකකයක් ලෙස වසර 50 කට වඩා වැඩි කාලයක් දේශීය බෝග වගාවන්ගේ හානි වලක්වාලීමට ලබාදුන් විසඳුම් තුළින්, අතිවිශිෂ්ඨ සේවාවක් කෘෂි රසායන වෙළඳපොළ තුළ සිදු කර තිබේ……

ගුවන්තෙල්

ශ්‍රි ලංකාවේ ගුවන්තෙල් සැපයීමේ ඒකාධිකාරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුවන අතර කටුනායක …….

සිපෙට්කෝ ලිහිසි තෙල්

අපගේ සියලුම ලිහිසි තෙල් ISO 9001/2000 සහතිකය සහිත මිශ්‍ර කිරීමේ කම්හලක මිශ්‍ර කර ඇත. Ceypetco සන්නාම ලිහිසි තෙල් …

මාර්ගගත බැංකුකරණය

ගුවන් යානා ඉන්ධන සැපයීම

නවතම පුවත්

From powering industries to fueling your daily commute, trust in Ceypetco for reliable, high-quality fuel that keeps you moving forward with confidence.
Ceylon Petroleum Corporation
ENERGIZING THE FUTURE
නව බෙදුම්කරුවන් ලියාපදිංචිය

බෙදුම්කරු සතු කාණ්ඩයේ නව ඉන්ධන පිරවුම්හල් ඉදිකර පවත්වාගෙන යාම සඳහා අනුමැතිය ලබා දීමට සලකා බැලීම පිණිස අයදුම්පත්‍ර කැඳවීම.