CEYPETCO

GET SUPPORT

+94 11 5455455

Mobile Menu

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීම සඳහා “ජාතික ඉන්ධන අවසර පත” (National Fuel Pass) හඳුන්වාදෙයි

මහජනතාවට ඉතා පහසුවෙන් විධිමත්ව සතියකට අවශ් ඉන්ධන, සීමාවකට යටත්ව ලබාගැනීම වෙනුවෙන්  විදුලිබල හා බලශක්ති අමාත්යාංශය විසින් ඉන්ධන බෙදාහැරීමේ ක්රියාවලිය කළමනාකරණය කරගැනීම සඳහාජාතික ඉන්ධන අවසර පත” (National Fuel Pass) නමින් වැඩපිළිවෙලක් පසුගියදා හඳුන්වාදෙන ලදී. නව ක්රමවේදය හඳුන්වාදීම සඳහා ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය තාක්ෂණික හවුල්කරු වශයෙන් මේ සඳහා දායකත්වය ලබාදී තිබෙන අතර, ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම යටතේ පවතින සියලු ඉන්ධන පිරවුම්හල් හරහා මෙම නව ක්රමවේදය ක්රියාත්මක වේ.

 

ජාතික ඉන්ධන අවසර පත සඳහා ලියාපදිංචිවීමට http://fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචිවීමේ ක්රියාවලිය අනුගමනය කර, QR කේතයක් වශයෙන් ඉන්ධන අවසර පත ලබාගත හැක. එය ඕනෑම ජංගම උපාංගයක Save කරගැනීමෙන් හෝ එහි පිටපතක් ලබාගෙන අදාළ ඉන්ධන පිරවුම්හල් මධ්යස්ථානයේදී ඉදිරිපත් කළ යුතුවේ. සේවාව සඳහා ලියාපදිංචි වන සෑම වාහනයකටම සතියක ඉන්ධන කෝටාවක් හිමිවන අතර, මෙය සෑම ඉරිදා දිනකම (ඉතිරි වන ඉන්ධන ඉදිරියට ගෙන යාමක් නොමැත) අලුත් කරනු ලැබේ.

 

දීප ව්යාප්ත ලියාපදිංචිය අවසන් වීමෙන් අනතුරුව අදාළ ඉන්ධන කෝටාවන් වෙන් කරනු ලබන අතර  මෙම වැඩසටහන දියත් කිරීමේ දිනය විදුලි බල හා බලශක්ති අමාත්යාංශය විසින් ප්රකාශයට පත්කරනු ඇත. ඉන් අනතුරුව ඉන්ධන ලබා ගැනීමේදී අදාළ පිරවුම්හල් මධ්යස්ථානය වෙත QR කේතය ඉදිරිපත් කළ යුතු වන අතර, එහිදී පිරවුම්හලේ සේවකයින් විසින් QR කේතය scan කර ඉන්ධන ලබාගැනීමට ඇති සුදුසුකම හා පවතින ශේෂය අනුව ලබාගත හැකි ඉන්ධන ප්රමාණය තහවුරු කිරීමෙන් පසුව ඉන්ධන නිකුත් කරනු ලැබේ. ඉල්ලා සිටි ඉන්ධන ලීටර් සංඛ්යාව ලබාගත් පසුව පාරිභෝගිකයන්ට මෙම සේවාව සඳහා ලියාපදිංචි වූ ජංගම දුරකතන අංකයට බව තහවුරු කරමින් පණිවිඩයක් යොමු කරනු ලැබේ

 

යම් හෙයකින් QR කේතය අස්ථානගත වුවහොත් පාරිභෝගිකයෙකුට http://fuelpass.gov.lk වෙත පිවිස සිය ජංගම දුරකතන අංකය ඇතුළත් කිරීමෙන් හෝ Fuel < හිස්තැනක් > QR < හිස්තැනක් > වාහන අංකය ටයිප් කර 0766220000 අංකයට SMS කිරීමෙන් නැවත කේතය ලබාගත හැක. තවද  ඉහත සඳහන් කළ වෙබ් අඩවියට පිවිස තම ජංගම දුරකතන අංකය ඇතුළත් කිරීමෙන් හෝ Fuel < හිස්තැනක් > Bal < හිස්තැනක් > වාහන අංකය ටයිප් කර 0766220000 අංකයට SMS කිරීමෙන් පාරිභෝගිකයෙකුට ඉන්ධන කෝටාවේ ඉතිරි ශේෂය පරීක්ෂා කළ හැකිවේ. විශේෂ කාණ්ඩවලට අයත් රථවාහන සඳහා වෙනස් ක්රමවේදයකට ඉන්ධන නිකුත් කිරීමේ ක්රියාවලියක් අමාත්යාංශය විසින් නුදුරේදීම  හඳුන්වාදෙනු ඇත.

 

නව ක්රමවේදය පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත් ගරු කංචන විජේසේකර මහතා මෙසේ පැවසීයඉන්ධන හිඟයක් පවතින අවස්ථාවක සීමිතව පවතින ඉන්ධන තොග බෙදාහැරීමේ ක්රියාවලිය විධිමත් කිරීම වෙනුවෙන්  ජාතික ඉන්ධන අවසර පත හරහා ක්රමවත් වැඩපිළිවෙලක් හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් මෙවැනි කාලීන සහ ක්රමවත් විසඳුමක් හඳුන්වාදීම වෙනුවෙන් අප සමඟ එක්වෙමින් කටයුතු කළ  ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා IOC සමාගම, ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනය යන ආයතනවලට සහ අනෙකුත් පාර්ශවකරුවන්ට මගේ ස්තුතිය පළ කරනවා.”

 

මෙම නව ක්රමවේදය පිළිබඳව අදහස් දැක්වූ ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයේ සභාපති ජයන්ත   සිල්වා මහතාවිදුලිබල හා බලශක්ති අමාත්යාංශය, ලංකා ඛණිජතෙල් සංස්ථාව සහ ලංකා IOC සමාගම සමඟ සාමූහිකත්වයෙන් මෙවැනි ජාතික වැඩපිළිවෙලකට සම්බන්ධවීමට හැකිවීම පිළිබඳව අපට ඇත්තේ විශාල සතුටක්. ජාතික ඉන්ධන අවසර පත හඳුන්වාදීම සඳහා අවශ් තාක්ෂණික සහාය ලබාදීමට අපට හැකියාව ලැබුණා. ඉන්ධන ලබාගැනීමේදී මහජනතාව මුහුණපාන දැඩි අපහසුතාවය අවම කිරීමට ගත් කාලීන ක්රියාමාර්ගයක් වශයෙන් ජාතික ඉන්ධන අවසර පත නිකුත් කිරීමට කටයුතු කිරීම හඳුන්වාදෙන්න පුළුවන්.”

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති  මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා මෙසේ අදහස් දක්වන ලදී. “වර්තමානයේ රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සාමාන් ජනතාවට අඛණ්ඩව ඉන්ධන සැපයීම සහතික කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ජාතික ඉන්ධන අවසර පත්රයක් හඳුන්වා දී ඇත. මෙම අවසර පත මගින්  සතියකට නියමිත උපරිම ඉන්ධන සීමාවක් නිකුත් කිරීමට කටයුතු කිරිම හේතුවෙන් සියලුදෙනාටම අඛණ්ඩව  ඉන්ධන සැපයීම සහතික කරනු ඇත. මෙම ක්රමවේදය විධිමත්ව ක්රියාත්මක කිරිමට මේ දුෂ්කර කාලසීමාව තුල මහජනතාවගෙන් ලැබෙන සහයෝගය අපි අගය කරන අතර එමගින් සෑම පුද්ගලයෙකුටම ඉන්ධන ලබාගැනීමට සාධාරණ හා සමාන අවස්ථාවක් හිමිවන අතර, දිගු වේලාවක් රැඳී සිටීම අවම කිරීම සඳහා ඉහත කී ක්රමය අනුගමනය කරන මෙන් අපි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.”

 

ලංකා IOC පීඑල්සී සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මනෝජ් ගුප්තා මහතා පැවසුයේ මෙවැන්නකිවිදුලිබල හා බලශක්ති අමාත්යාංශය විසින් ගෙන තිබෙන මෙම නව ක්රියාමාර්ගය හරහා රටේ ඉන්ධන බෙදාහැරීමේ ක්රියාවලිය තුළ සුරක්ෂිතබවක්, ජනතාව අතර වගකීම්සහගත බවක්, පාරිභෝගික තෘප්තිමත්භාවයක් හා විනිවිදභාවයක් ඇති කිරීමට සමත් වනු ඇත. සැමටම හොඳම සේවාවක් ලබාදීමේ අරමුණින් අපි මේ වැඩපිළිවෙල සමඟ එක්වන්නේ ඉතාමත් සතුටින්. මෙවැනි දුෂ්කර කාලසීමාවක ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින ජනතාවට මෙම වැඩපිළිවෙල මහත් අස්වැසිල්ලක් වනු ඇත. ඔබේ වටිනා කාලය ඉතුරු කරගන්න, QR කේතය ඩවුන්ලෝඩ් කරගෙන ඔබේ ඉන්ධන අවශ්යතාවය විධිමත්ව ඉටුකර ගන්න.” 

Photo caption (L-R)

Hon. Kanchana Wijesekera MP – Minister of Power and Energy (cnetre) addressing the media at the launch of the National Fuel Pass. Also in photograph (L-R) Prabath Perera, ASP (IT), Sri Lanka Police, Mohamed Uvais Mohamed, Chairman, Ceylon Petroleum Corporation, , Jayantha De Silva – Chairman, ICTA and Manoj Gupta – Managing Director, Lanka IOC.