CEYPETCO

GET SUPPORT

+94 11 5455455

Mobile Menu

සංස්ථා සභාපතිතුමා විසින් "ආරාධනා" ඉන්ධන පිරවුම්හලේ සේවය ඇගයීම.

රටේ ඇති වූ ඉන්ධන අර්බුදය හමුවේ සීමිත ආකාරයෙන් ලැබෙන ඉන්ධන මනා කළමනාකාරිත්වයෙන් යුතුව බෙදාහැරීමේ කටයුතු සිදුකරන ගාල්ල ප්‍රදේශය පිහිටි C.S. Munasinghe (ආරාධනා) ඉන්ධන පිරවුම්හල පසුගිය දිනවල බොහෝදෙනාගේ කතාබහට ලක් වූවා .

ඔවුන් සමාජ මාධ්‍ය ජාලා සහ වෙබ් අඩවියක් ඔස්සේ පිරවුම් හල වෙත ලැබෙන ඉන්ධන පිළිබඳව ජනතාව දැනුවත් කරමින් නිසි කළමනාකාරිත්වයෙන් යුතුව ජනතාව වෙත කාර්යක්ශම ලෙස ඉන්ධන ලබාදිමෙහි නිරතව සිටින අතර මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ උපදෙස් මත ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා අද දිනයේ දී එම ආරාධනා ඉන්ධන පිරවුම් හල වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත වූවා.

මෙහිදී එම තාක්ෂණික ක්‍රමවේදය පිළිබඳව කරුණු සොයා බැලූ සභාපතිතුමා ඉදිරියේදී මෙම ක්‍රමය දිවයිනේ අනිකුත් ඉන්ධන පිරවුම්හල් වෙතද ස්ථාපනය කිරීමට යෝජනා කරන බව පවසන ලදී.

එමෙන්ම මෙවැනි කාර්යක්ෂම නවීන ක්‍රම මඟින් ජනතාවට පහසුකම් සැලසීම පිළිබඳ ව ආරාධනා ඉන්ධන පිරවුම්හලේ හිමිකරු ලහිරු මුණසිංහ මහතා ඇතුලු කළමනාකාරීත්වයට සභාපතිතුමා විසින් ස්තූතිය පළ කරනු ලැබීය.