CEYPETCO
අභිනව බලශක්ති අමාත්‍ය ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා බලශක්ති අමාත්‍යධූරයේ රාජකාරී ආරම්භ කිරීම කොළඹ 07, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ, අංක 80 හි පිහිටි බලශක්ති අමාත්‍යාංශයේදී 2022.03.07 දින උදෑසන සුභ මොහොතින් සිදුවිය.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්.ඩී. ඔල්ගා, අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, කළමනාකාර අධ්යක්ෂ බුද්ධික මඩිහහේවා, වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලී සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර, ලේකම් ප්‍රේමන්ත ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගී වූහ.