Mon - Sat 8:30 - 16:30

  • 24/7 Phone Services

    +94 117296100

  • Visit Our Place

    No.609, Dr. Danister de Silva Mawatha, Colombo 09.

Preloader Close

පසුගිය දා සිදුවූ ගංවතුර ආපදා අවස්ථාවේදී, සපුගස්කන්ද පිරිපහදුවේ අපජල ටැංකියේ ඇතිවූ කාන්දුව හේතුවෙන් අගතියට පත්වූ සපුගස්කන්ද ප්‍රදේශයේ පවුල් 45ක් වෙත රුපියල් 1,933,000.00ක මුදලක් වන්දි වශයෙන් ප්‍රදානය කිරීම බියගම ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මැතිතුමා අතින් 2021.07.09 දින සපුගස්කන්ද පිරිපහදු පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකෙරිණි. මෙලෙස විපතට පත්වූ ජනතාවට කඩිනමින් වන්දි ලබාදීම සඳහා ගරු බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මැතිතුමා විසින් ත්‍රී පුද්ගල කමිටුවක් පත්කල අතර එකී කමිටු වාර්තාව මගින් පිඩාවට පත්වූ ජනතාව වෙත මෙලෙස වන්දි පිරිනැමීම නිර්දේශ කර තිබිණ. සංස්ථා අධ්‍යක්ෂ හා වානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර, එම සංගමයේ ලේකම් හා මුදල්, ප්‍රාග්ධන වෙ‍ළෙඳපොල හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ සහකාර ලේකම් (කම්කරු සබඳතා) ප්‍රේමන්ත ගමගේ, පිරිපහදු කළමනාකාර ඊ.ඒ.එස්.එදිරිසිංහ, නියෝජ්‍ය පිරිපහදු කළමනාකාර(ක්‍රියාකරවුම්) හරේන්ද්‍ර කෝදාගොඩ යන මහත්වරුන් සහ වන්දිලාභීන් මෙම අවස්ථාවට එක්විය

Leave A Comment