GET SUPPORT
+94 117 296 100
+94 117 296 100
පසුගිය දශක 6 ක කාලය තුළ ශ්‍රී ලාකා ආර්ථිකයට පුරෝගාමී දායකත්වයක් ලබාදුන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තවදුරටත් ජනතා සේවාව පුළුල් කරමින් සිටී. මෙහිදී බලශක්ති අමාත්‍යතුමාගේ මගපෙන්වීම අනුව ගරු සභාපතිතුමාගේ හා ගරු කළමනාකාර අධ්‍යක්‍ෂ වරයාගේ මූලිකත්වයෙන් සංස්ථාව මඟින් “CEYPETCO” සන්නාමය යටතේ අලෙවි කරනු ලබන ලිහිසිතෙල් නිෂ්පාදන මහජනතාව වෙත ලබාදීමට කටයුතු කර ඇත. දැනට මෙම “CEYPETCO” නිෂ්පාදන ලංකාව පුරා විසිරී ඇති අපගේ “CEYPETCO” පිරවුම්හල් ජාලය මඟින් සිදු කරනු ලබන අතර, මෙම නිෂ්පාදන තවදුරටත් ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් යුතුව ලිහිසිතෙල් අලෙවි මධ්‍යස්ථාන ජාලයක් පිහිටුවීම සඳහා මේ වන විට ඉල්ලුම්පත් කැඳවා ඇත.
මේ මඟින් ලාංකීය ලිහිසිතෙල් පාරිභෝගිකයින් හට අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු ලිහිසිතෙල් සාධාරණ මිලකට ලබාදීමට අපේක්‍ෂා කරන අතර, එමඟින් නව ව්‍යවසායකත්වයක් හඳුන්වාදීම ද අරමුණකි. මේ වන විට දේශීයව ලිහිසිතෙල් නිෂ්පාදනය මුතුරාජවෙල පිහිටි අතිනවීන තාක්‍ෂණයෙන් යුතු ලිහිසිතෙල් මුසු කිරීමේ යන්ත්‍රාගාරය මඟින් “CEYPETCO” සන්නාමයෙන් යුතුව ආරම්භ කර ඇත. මෙම යන්ත්‍රාගාරය තුළ නිෂ්පාදන තත්ත්ව පරීක්‍ෂා කර සහතික කරගැනීම සඳහා රසායනාගාරයක් පිහිටුවා ඇති අතර, එමඟින් නිෂ්පාදන තත්ත්වය නිරන්තරව පරීක්‍ෂා කර සහතික කෙරේ.
2022 වසරේ අවසානය වන විට දේශීය ලිහිසිතෙල් පරිභෝජනයෙන් 35% ක ප්‍රමාණයක් සැපයීමට සංස්ථාව සැලසුම් කර ඇති අතර, එමඟින් වසරකට රුපියල් බිලියනයක ශුද්ධ ලාභයක් අපේක්‍ෂා කෙරේ.
මෙම ලිහිසිතෙල් අලෙවි මධ්‍යස්ථාන ආරම්භ කිරීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඉල්ලුම්කරුවන් හට 2021 ජූලි මස 26 දිනට පෙර පහත සඳහන් ලිපිනයට අයඳුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත. අදාළ අයඳුම්පතෙහි ආකෘතියක් www.ceypetco.gov.lk වෙබ් අඩවියෙන් බාගත කරගත හැකිය.