Mon - Sat 8:30 - 16:30

  • 24/7 Phone Services

    +94 117296100

  • Visit Our Place

    No.609, Dr. Danister de Silva Mawatha, Colombo 09.

Preloader Close

සිව් වසරක පුහුණුව සාර්ථකව අවසන් කළ සහකාර පිරිපහදු කාර්මික ශිල්පීන් 70 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ලබාදීම බලශක්ති ගරු අමාත්‍ය නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදු ශ්‍රවණාගාරයේදී 16/07/21 දින සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිරීති වලට යටත්ව පැවැත්වීණ. මෙම අවස්ථාව සඳහා බලශක්ති අමත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මැතිණිය, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ගරු සභාපති නීතිඥ සුමිත් වීජේසිංහ මැතිතුමා, කළමණාකර අධ්‍යක්‍ෂ බුද්ධික මඩිහහේවා මැතිතුමා, පිරිපහදු කළමණාකාර ඊ.ඒ.එස්. ඒදිරිසිංහ මහතා, වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) සමන්ත පුෂ්පලාල් මහතා, සංස්ථා අධ්‍යක්‍ෂක හා වානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිගීලී සේවක සංගමයේ (ඛනිජතෙල් ශාඛාව) සභාපති බන්දුල සමන් කුමාර මහතා එම සංගමයේ ලේකම් හා මුදල්, ප්‍රාග්ධන වෙළඳපොල හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහකාර ලේකම් (කම්කරු සබඳතා) ප්‍රේමන්ත ගමගේ මහතා, නියෝජ්‍ය පිරිපහදු කළමණාකාර මහත්වරුන්, විධායක නිලධාරීන් ඇතුළු සේවක පිරිසක් සහභාගි විය.

Leave A Comment