Mon - Sat 8:30 - 16:30

  • 24/7 Phone Services

    +94 117296100

  • Visit Our Place

    No.609, Dr. Danister de Silva Mawatha, Colombo 09.

Preloader Close

 

නිසි ප්‍රමිතියෙන් හා ගුණාත්මක සේවාවක් අපගේ ඉන්ධන පාරිභෝගිකයන්ට ලබාදීමේ අරමුණින් නවීනතම ඉලෙක්ට්‍රොනික වර්ගයේ පොම්ප ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් වෙත සවි කිරීම නිල වශයෙන් මේ වන විට ආරම්භ කර ඇත. සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන වෙනත් රාජ්‍ය ආයතන සතු ඉන්ධන නිකුත්කිරීමේ පොම්ප මෙම තීරණය යටතේ ලබාදීමට සංස්ථාව කටයුතු කර තිබුණි. 

 

තිස් වසරක යුධ මෙහෙයුමට අවශ්‍ය බලශක්තිය අඛණ්ඩව සංස්ථාව විසින් ලබා දී තිබුන අතර, ජාතික ආරක්ෂාව වෙනුවෙන් නිරතුරුව කැපවී සිටින ශ්‍රී ලංකා යුධ හමුදාවට අපගේ සහයෝගය ලබාදීමට බැඳී සිටී.

 

මෙම නව වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටියක් පමණ වටිනා නවීනතම ඉලෙක්ට්‍රොනික වර්ගයේ ඉන්ධන නිකුත් කිරීමේ පොම්ප 10ක් ලබාදීම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේදී යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට සංස්ථාවේ සභාපති නීතීඥය සුමිත් විජේසිංහ මහතා අතින් භාරදීම 2021.02.04 වන දින නිල වශයෙන් සිදුවිය.

 

එම අවස්ථාවට සංස්ථාවේ කලමනාකර අධ්‍යක්ෂ බුද්ධික මඩිහේවා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී(අලෙවි ) ක්‍රිෂාන්ත වික්‍රමසිංහ , වැ.බ අලෙවි කළමණාකාර එල් . අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු යුධ හමුදා මාණ්ඩලික නිලධාරීන් මෙයට සහභාගී විය.

Leave A Comment