• English
  • ‍සිං‍හ‍‍ල
  • தமிழ்

ව්‍යාපෘති

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ව්‍යාප්ත කිරීමේ සහ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය.

ව්‍යාපෘතිය

පවත්නා පිරිපහදුව 1969 දී ගොඩනගන ලද හයිඩ්‍රො – ස්කිමින් පිරිපහදුවක් වන අතර, මූලික සැලසුම් ධාරිතාවය බැරල් 35,000 ක් වේ. සීමිත ධාරිතාවයක් සඳහා විස්තීරණය කිරීමක් ඉන්පසුව සිදු කරන ලද අතර වර්තමාන පිරිපහදු ධාරිතාවය බැරල් 50,000 ක් වන අතර එය දේශීය ඛනිජ තෙල් අවශ්‍යතාවය සඳහා පමණක් වේ. අඩු වෙළඳපල වටිනාකමක් සහිත අවශේෂ තෙල් වර්ග ඉහළ අගයක් සහිත තෙල් වර්ග නිෂ්පාදනය දක්වා තත්වය උසස් කිරීමට මෙම නව පරිවර්තනය සිදුකරන අතර එමඟින් පාරිසරික අනුකූලතාවයක් සහිත නිෂ්පාදනයන්ට ඉඩ ලබා දෙයි. මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසුව සැලකිය යුතු විදේශ විනිමයක් රට තුළ ඉතිරිවනු ඇත.

අරමුදල්

මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය 2008 වර්ෂයේ අප්‍රේල් මාසයේ අත්සන් කරන ලද ගිවිසුම ප්‍රකාර සහනදායී ණය මුදලක් මඟින් ඉරාන රජය විසින් සැපයීමට අපේක්‍ෂිතයි.

ව්‍යාපෘති කාර්යාල

මෙම ව්‍යාපෘති කාර්යාලය ඛනිජ තෙල් සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ගරු අමාත්‍ය – ඒ.එච්.එම්. ෆවුසි මැතිතුමා විසින් ගරු නියෝජ්‍ය අමාත්‍ය – දුමින්ද දිසානායක මහතා, අමාත්‍යාංශ ලේකම් – ඩබ්.බී. ගනේගල මහතා සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ – මේජර් ජෙනරාල් අසෝක තෝරදෙණිය මහතා සහ අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2009 පෙබරවාරි 20 වන දින සපුගස්කන්ද පිරිපහදු පරිශ්‍රයේදී විවෘත කරන ලදී.

උපදේශක

ව්‍යාපෘති කාර්යාලය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උපදේශන ආයතනයක සහාය ඇතිව මූලික ඉංජිනේරු සැලැස්ම ආරම්භ කිරීමට නියමිතව ඇත. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අතිරේක ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් වීමට ආසන්නව පවතී.

Our Partners