CEYPETCO

සිපෙට්කෝ කෘෂි රසායන

සිපෙට්කෝ කෘෂි රසායන අංශය ආරම්භකරන ලද්දේ 1969 වසරේදීය. අලෙවි අංශයේ උපායශීලී ව්‍යාපාර ඒකකයක් ලෙස වසර 50 කට වඩා වැඩි කාලයක් දේශීය බෝග වගාවන්ගේ හානි වලක්වාලීමට ලබාදුන් විසඳුම් තුළින්, අතිවිශිෂ්ඨ සේවාවක් කෘෂි රසායන වෙළඳපොළ තුළ සිදු කර තිබේ.

දේශීය කෘෂි රසායන ව්‍යාපාරික ආයතන අතර, රාජ්‍ය අංශයේ එකම කෘෂි රසායනික ව්‍යාපාරික ආයතනය වන්නේද සිපෙට්කෝ කෘෂි රසායන අංශයයි. 2008 වසරේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මාර්ගෝපදේශකත්වය යටතේ ගුණත්ව පද්ධති කළමනාකරණය (ISO 9001:2015) සහ පරිසර පද්ධති කළමනාකරණය (ISO 14001:2015) තත්ත්ව සහතිකද සහ සේවක සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳව ISO 18001:2007 : OSHAS සහතික – 2019 ඇතුළුව තත්ත්ව සහතිකයන් තුනකින් පිදුම් ලැබූ, සිපෙට්කෝ කෘෂි රසායන වල උසස් ප්‍රමිතිය සුරැකීමට අපගේ දක්ෂ හා පළපුරුදු කාර්යය මණ්ඩලය නිරන්තරයෙන්ම කැපවී සිටිති.

වගා බිම් සැකසීමේ සිට අස්වැන්න නෙළන තෙක් සිදුවිය හැකි කෘමි හානි, වල් පැලෑටි මර්ධනය කිරිම සහ දිලීර හානි නැති කිරීම හෝ අවම කිරීමට අවශ්‍ය විසඳුම් නිරන්තරයෙන්ම ඔබ වෙත ලබාදීමට සිපෙට්කෝ කෘෂි රසායන අංශය ක්‍රියා කරමින් සිටිති. ඒ අනුව,  වගාවන් සරු කිරීමට අවශ්‍ය සියළුම කෘෂි රසායන පහත වර්ග යටතේ ගොවිජනතාව අතට පත්කෙරේ.

     (1) සිපෙට්කෝ වල් නාශක

     (2) සිපෙට්කෝ කෘමි නාශක

     (3) සිපෙට්කෝ දිලීර නාශක

නව කෘෂි කාර්මික ප්‍රතිපත්තිය වන හරිත කෘෂි කාර්මික ( Green Agriculture Concept ) ප්‍රතිපත්තිය අනුව යමින් ලොව අංක 01 ජෛව පළිබෝධනාශකයක් වන ප්ලිපර් (Flipper) සිපෙට්කෝ ඇග්‍රො විසින් 2022 වසර සඳහා සාඩම්බරයෙන් හඳුන්වාදීමට නියමිතය.

කෘෂි රසායන අලෙවි ක්ෂේත්‍රයේ නිරත තරඟකාරී සමාගම්වලට වඩා අපගේ නිෂ්පාදනවල උසස් ප්‍රමිතිය සහ කෘෂි රසායන නිෂ්පාදනවල සහනදායී මිල අපගේ වෙළඳපොල උපාය මාර්ග අතර ප්‍රධාන තැනක් ගනී. එමනිසා වසර 50 ක් පුරා ගොවිසිතට සහන උදාකිරීමට සිපෙට්කෝ කෘෂි රසායන අංශය රාජ්‍ය අංශයේ ආයතනයක් ලෙස පෙරමුණගෙන තිබේ. ඒ අනුව,තරඟකාරී කෘෂි රසායන වෙළඳපොළේ මිල පාලකයා වන්නේද සිපෙට්කෝ කෘෂි රසායන අංශයයි.

මේ සඳහා කදිම නිදසුන් වන්නේ 2018 වසරේ දෙසැම්බර් සිට. සිපෙට්කෝ ග්ලයිෆොසේට් වල් නාශකය, ආනයනය කර තේ සහ රබර් වගාවේ නිරත සහ නිර්දේශිත වගාකරුන‍් හා ආයතනය වෙත සීමිත තත්ත්වය යටතේ සහන මිලට වල් මර්ධනය සදහා බෙදා හැරීම තුළින් එම වගාකරුවන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කිරීමේ ජාතික කර්ත්‍යවයටද උර දී තිබේ.

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්, කෘෂි කර්ම දෙපාර්තමේන්තුව, ප්‍රධාන බෝග පර්යේෂණ ආයතන, යන ආයතන සමග මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් , කෘෂි රසායන නිෂ්පාදන හෝ අමුද්‍රව්‍ය ආනයනය කිරීමට, ප්‍රති සැකසුම් කිරීමට, අලෙවි කිරීමට, අදාල නිවැරදි පසුබිම සකසා ගනිමින්, කෘෂි රසායන භාවිතයේදී පැන නගින විවිධ ගැටළු , නිරාකරණය කිරීම සඳහාද ඉහත ආයතන සමඟ එක්වී කටයුතු කිරීම සිදුකරයි. එමගින් “ සිපෙට්කෝ කෘෂි රසායන පිළිබඳව ගොවිජනතාවගේ විශ්වාසනීයත්වය නොනැසී පවත්වා ගැනීම ” සඳහා කටයුතු කරන අතර, හැමවිටම සිපෙට්කෝ කෘෂි රසායන “ගොවිසිත සනසාලන ”යෙදවුමක් බවට පත්කර ගැනීමට සමත්ව සිටිමු.

අප විසින් දැනටමත් ඉලක්ක කරඇති අලෙවි නියෝජිතයින්, තොග නියෝජිතයින්, ගොවි සංවිධාන, ගොවිජන සේවා මධ්‍යස්ථාන,  අපගේ කෘෂි රසායන අලෙවිසැල්, වෙනත් අතරමැදියන් හා ආයතන වෙත නිසි උපදෙස්, නිසිවේලාවට අපගේ කළමනාකාරීත්වයේ මාර්ගෝපදේශයන්ට අනුව ලබාදීමට ඇප කැපවී සිටිමු.

ස්වයංක්‍රීය නිෂ්පාදන යන්ත්‍ර, නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා එකතුකර ගැනීම නිසා නිෂ්පාදන දෝෂ අවම කර, ගුණත්වයෙන් යුතු කෘෂි රසායන නිෂ්පාදන වෙළඳපොලට ඉදිරිපත් කිරීම නිසා, නිෂ්පාදනයේ තරඟකාරී වාසි දැනටමත් අත්පත්කරගෙන තිබේ.

ගොවිජනතාවට නිරන්තර සහන ලබාදෙන සිපෙට්කෝ කෘෂි රසායන කාර්යය මණ්ඩලයේ සුභසාධනය සඳහාද කළමනාකාරීත්වයයේ ඉහළ අවධානයක් යොමු වී තිබේ. ඒ අනුව, සෞඛ්‍ය ආරක්ෂණ හා පාරිසරික ප්‍රතිපත්ති පිළිබඳ නිරවුල් අවබෝධය හා අදාළ පිළිවෙත් අඛණ්ඩව සුරැකීම, සියලු සෞඛ්‍ය පහසුකම් ලබාදීම, යහපත් රැකියා පරිසරයක් පවත්වා ගැනීම තුළින් නිළධාරීන්ගේ හා සේවකයන්ගේ කාර්යක්ෂමතාවය වැඩිකිරීමට ක්‍රියාකර තිබේ.

සිපෙට්කෝ කෘෂි රසායන අංශය ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ උපායශීලී ව්‍යාපාර ඒකකයක් ලෙස ආයතනික පරමාර්ථ ඉටුකරමින් ගොවිජනතාව අතර සඳා අනුස්මරණීය වීමට ක්‍රියාකර තිබේ.

වර්තමානයේ, ශ්‍රී ලංකාවේ කෘෂි රසායන වෙළඳපොල තුළ, ගොවිජනතාවට සහන මිලට ලබාගත හැකි සිපෙට්කෝ කෘෂි රසායන වර්ග සහ ජෛව පළිබෝධනාශක පහත වගුවෙන් දක්වා ඇත.

කෘමිනාශක


වල් නාශක


දිලීර නාශක

ජෛව

 පළිබෝධ නාශක


ප්‍රොෆෙනොෆෝස් 50%  E.C



ඩයුරෝන් 80%  W.P


 

ටෙබුකොනැසෝල් 25% E.W



ප්ලිපර්



බී.පී.එම්.සී. 50% E.C



ප්‍රෙටිලැක්ලෝර් 30% E.C


මැන්කොසෙබ් - 80% W.P



ෆිෆ්රොනිල් 5% S.C 


ග්ලයිෆොසේට් 36% S.L

(සීමාකරන ලදී)


කැප්ටාන් - 50%   W.P




ෆිෆ්රොනිල් 0.3% G



සල්ෆර් 80% ( W.G)


ඉමිඩාක්ලෝප්‍රිඩ් 20% S.L

YouTube
YouTube
LinkedIn
Share