GET SUPPORT
+94 117 296 100
+94 117 296 100
1961 අංක 28 දරණ පනත මඟින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්ථාපනය කරන ලද අතර ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම, බෙදාහැරීම සහ දිවයිනපුරා අලෙවි කිරීමේ කටයුතු වල නිරත විය.
ඉරාන සැහැල්ලු බොරතෙල් BPSD 38000 ක් (දිනකට මෙට්‍රික් ටොන් 5200) පිරිපහදු කිරීම සඳහා 1969 අගෝස්තු මාසයේදී පවත්නා සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ කරන ලදී.
බොරතෙල් පෙරනයේ ධාරිතාවය දිනකට මෙට්‍රික් ටොන් 5200 ක් වුවද, මෙම ඒකකය මඟින් දිනකට මෙට්‍රික් ටොන් 5800 ක් ලබා ගැනීමේ හැකියාව ඇත. අවශ්‍ය පිරිවිතරයන් සම්පූර්ණ කිරීම හේතුවෙන් ඉරාන සැහැල්ලු බොරතෙල් හා සමාන UPPER ZAKUM, අරාබි සැහැල්ලු බොරතෙල් ආදිය පිරිපහදු කිරීමට හැකිවිය.
1971 දී සම්පීඩිත දියරවායු නිෂ්පාදනය ආරම්භ වු අතර, සම්පීඩිත දියර වායු නිෂ්පාදනය කිරීම සඳහා Naptha Merox ඒකක නවීකරණය කර ඇත. පවත්නා පහසුකම් භාවිතා කරමින් 1971 දී SBPS නිෂ්පාදනය ආරම්භ කරන ලදී.
පිරිපහදු ධාරිතාව 50000 BPSD (දිනකට මෙට්‍රික් ටොන් 6900 ක්) දක්වා වැඩි කිරීමට බොරතෙල් පෙරන ඒකකය විවෘත කරන ලදී.
Miri Light වැනි පෙරදිග බොරතෙල් පිරිපහදු කිරීම සඳහා බොරතෙල් පෙරන ඒකකය නැවත වතාවක් ක්‍රියාත්මක කරන ලද අතර, 1992 දී නැප්තා එක්රැස් කිරීමේ ධාරිතාව දිනකට මෙට්‍රික් ටොන් 1100 ක් දක්වා ඉහළ නංවන ලදී. වැඩිවන පෙට්ට්‍රල් ඉල්ලුම සපුරාලීම සඳහා සහ පෙට්ට්‍රල් අලෙවියේ ප්‍රමුඛතාවය රඳවා ගැනීම සඳහා 1999 දී Platformer ඒකකය දිනකට මෙට්‍රික් ටොන් 650 දක්වා වැඩි කිරීමට කටයුතු කරන ලදී. පවත්නා භූමිතෙල් එක්රැස් කිරීමේ ඒකකය ඩීසල් නිපදවීම සඳහා නැවත සකස් කරන ලද අතර ඩීසල්වල පවත්නා 0.3% wt ක ගෙන්දගම් පිරිවිතරය සම්පූර්ණ කිරීම සඳහා 2003 දී පවත්නා ඩීසල් එක්රැස් කිරීමේ ඒකකය පුනරුත්ථාපනය කරන ලදී.
මීට අමතරව, පිරිපහදු මෙහෙයුම් සඳහා අවශ්‍යවන ඵලදායී ලෙස ශක්තිය භාවිතා කිරීම සඳහා කුඩා සහ මධ්‍යම පරිමාණයේ ශක්තිය සංරක්‍ෂණය කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදී.
යන්ත්‍රාගාර මෙහෙයුම් සඳහා අවශ්‍ය වන විදුලිය, ජලය, වාෂ්ප, වාතය සපයන උපකරණ වලින් සමන්විත උපකරණ අංශයක් පවතී.
මීට අමතරව, ඔරුගොඩවත්ත ටැංකි සංකීරණයේ පිරිපහදු පරිශ්‍රය තුළ බොරතෙල්, නිමි නිෂ්පාදන සහ අතරමැදි නිෂ්පාදන සහ බොරතෙල් සඳහා ටැංකි 65 ක් ඇත.
100% ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය සමඟ ක්‍රියාත්මක වේ.
පුරවැසියන් 1100 කට වැඩි පිරිසකට සෘජු රැකියා අවස්ථා සපයයි.
සමස්ත සංස්ථාව විකුණුම් ප්‍රමාණයෙන් 30%-35% ක් සපයයි. විදේශ මුදල් පිටතට ගලා යාමේ ඉතිරි කිරීම්.
වසර 51 ක අඛණ්ඩ මෙහෙයුම් සාර්ථකව නිම කරන ලදී.
විදේශ රටවලදී පිරිපහදු පුහුණුව පිළිබඳ ඉහළ පිළිගැනීමක් තිබීම.
100% ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය සමඟ ක්‍රියාත්මක වේ.
පුරවැසියන් 1100 කට වැඩි පිරිසකට සෘජු රැකියා අවස්ථා සපයයි.
සමස්ත සංස්ථාව විකුණුම් ප්‍රමාණයෙන් 30%-35% ක් සපයයි. විදේශ මුදල් පිටතට ගලා යාමේ ඉතිරි කිරීම්.
වසර 51 ක අඛණ්ඩ මෙහෙයුම් සාර්ථකව නිම කරන ලදී.
විදේශ රටවලදී පිරිපහදු පුහුණුව පිළිබඳ ඉහළ පිළිගැනීමක් තිබීම.
ඒකකය | ධාරිතාව (MT/ප්‍රවාහ දිනය) |
---|---|
බොරතෙල් පෙරීම | 5200 |
තැප්තා යුතිෆයිතර් | 940 |
ප්ලැට්ෆෝමර් | 285 |
ඩීසල් යුතිෆයිතර් | 450 |
ඩිස් බ්‍රේකර් | 2000 |
ටෙරොක්ස් ඒකකය | 70 |
වැක්‍යුම් ඒකකය | 950 |
තාර බ්ලෝවින්ග් ඒකකය | 350 |